Reliable Medical Care — At a Price You Can Afford
විශ්වාසවන්ත වෛද්‍ය සේවාවක් — අවම ගාස්තුවක්
We believe everyone deserves medical care at their doorstep — regardless of their financial situation. Our doctor and nurse home visit service is built for families who need reliable care at a price they can afford.
රෝගීන්ගේ ආර්ථික තත්ත්වය කුමක් වුවත් සෑම කෙනෙකුටම නිවසට පැමිණීමේ වෛද්‍ය සේවාව ලැබිය යුතු බව අපි විශ්වාස කරමු. ගෙවිය හැකි මිලකට විශ්වාස කල හැකි සේවාවක් යන තේමාව මුල් කරගෙන ඩොක් හෝම් විසිට් සේවාව නිර්මාණය කෙරිණ.
Two Categories of Care
සේවා කාණ්ඩ දෙකක්
Choose the Right Service for Your Needs
ඔබේ අවශ්‍යතාවට ගැලපෙන සේවාව තෝරන්න
Doctor Home Visits වෛද්‍යවරයකු නිවසට පැමිණීම
A doctor with an MBBS qualification visits your home. All consultations are carried out under the supervision of a senior doctor registered with the Sri Lanka Medical Council (SLMC).
MBBS සුදුසුකම සම්පුර්ණ කල පුහුණුවන වෛද්‍යවරයෙකු ඔබේ නිවසට පැමිණේ. සියලුම ප්‍රතිකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ.
- Clinical examination and symptoms analysis රෝග ලක්ෂණ විශ්ලේෂණය සහ සායනික පරීක්ෂාව
- Diagnosis and basic treatment for common illnesses සරළ රෝග සඳහා රෝග විනිශ්චය සහ මූලික ප්‍රතිකාර
- Medical prescriptions issued වෛද්‍ය බෙහෙත් නිර්දේශ නිකුත් කිරීම
- Advises on admitting to a hospital or specialist consultation if needed අවශ්‍ය අවස්ථාවල රෝහල් හෝ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු වීමට උපදෙස්.
- Monitoring of the patient's condition (BP, blood sugar, etc.) රෝග ස්ථිතිය නිරීක්ෂණය (රුධිර පීඩනය, රුධිර සීනි ආදිය)
- Recommending required blood and urine tests අවශ්‍ය රුධිර සහ මුත්‍රා පරීක්ෂණ නිර්දේශ කිරීම.
Nurse Home Visits හෙදියක් නිවසට පැමිණීම
A trained and qualified nurse visits your home to provide nursing care, carry out prescribed treatments, and support recovery — at a more affordable rate.
පුහුණු හෙදියක් ඔබේ නිවසට පැමිණ හෙද සේවා ලබා දීම, නිශ්චිත ප්‍රතිකාර සිදු කිරීම සහ සුවය ලැබීමට සහාය වීම. — විශේෂයි හෙදියකට පමණක් කිසිදු ප්‍රතිකාරයක් සිදු කල නොහැකි බව දැනුවත් වී මෙම සේවය ලබාගන්න.
- Wound dressing තුවාල වලට බෙහෙත් දැමීම
- Post-surgical care සැත්කම් වලින් පසු රැකවරණය
- Prescribed injections and medication administration (select a doctor visit whenever possible) නිශ්චිත එන්නත් සහ ඖෂධ ලබා දීම. (හැකි සෑම විටම වෛද්‍යවරයෙකු ගෙන්වා ගන්න)
- Saline administration and monitoring (select a doctor visit whenever possible) සේලයින් දීම සහ නිරීක්ෂණය (හැකි සෑම විටම වෛද්‍යවරයෙකු ගෙන්වා ගන්න)
- Blood sample collection for lab tests රසායනාගාර පරීක්ෂණ සඳහා රුධිර සාම්පල ලබා ගැනීම
- Blood pressure, blood sugar, oxygen level and temperature checks රුධිර පීඩනය, සීනි බැලීම, ඔක්සිජන් මට්ටම සහ උෂ්ණත්ව පරීක්ෂාව
- Nebulization හතියට දුම් ඇල්ලීම
- ECG ඊ සී ජී ගැනීම
Simple Steps
සරල පියවර
How to Book a Visit
නිවසට පැමිණීමක් වෙන් කරගන්නා ආකාරය
Call Us
අමතන්න
Call 072 968 5000 any time — day or night.
ඕනෑම වේලාවක 072 968 5000 අමතන්න. ඔබ ඩොක් හෝම් විසිට් සේවය බලාපොරොත්තු වන බව පැහැදිළිව පවසන්න.
Tell Us What You Need
අවශ්‍යතාව කියන්න
Read the WhatsApp message we send, understand it, and reply mentioning the service you need. Share your Google Maps location along with the date and time you need the service.
වට්ස් ඇප් වෙත එන පණිවිඩය පැහැදිළිව කියවා, තේරුම් ගෙන ඔබට අවශ්‍ය සේවාව සදහන් කර වට්ස් ඇප් පණිවිඩයක් එවන්න. සේවාව අවශ්‍ය දිනය සහ වේලාව සමඟ ගුගල් සිතියම් ලොකේෂන් එක ෂෙයාර් කරන්න.
We Confirm & Dispatch
අපි තහවුරු කර යවයි
We confirm your booking and send the right professional to you.
ඔබේ වෙන් කිරීම තහවුරු කර නිවැරදි වෘත්තිකයා ඔබ ළඟට යවයි.
Receive Care at Home
නිවසේදී රැකවරණය
Get examined or treated in the comfort of your own home.
ඔබේ නිවසේ සුවපහසුවේදී රෝග විනිශ්චය හෝ ප්‍රතිකාර ලබා ගන්න.
Important to Know
දැන සිටිය යුතු දේ
Terms & Service Guidelines
නියම සහ සේවා මාර්ගෝපදේශ
Please read these guidelines carefully so you know exactly what to expect when you request a visit.
අපගේ සේවාවක් ලබාගැනීමේදී ඔබ අපේක්ෂා කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට කරුණාකර මෙම මාර්ගෝපදේශ හොඳින් කියවන්න.
Home Visit Fee
නිවාසට පැමිණීමේ සේවා ගාස්තු
A home visit fee is charged for every visit to your location. This fee is mandatory.
ඔබේ නිවසට එන සෑම පැමිණීමකටම නිවසට පැමිණීමේ සේවා ගාස්තුවක් අය කෙරේ. මෙය අනිවාර්යෙන් ගෙවිය යුතු වේ.
Transport Fee
ප්‍රවාහන ගාස්තුව
Transport is charged at Rs. 100.00 per kilometre. Charges apply separately for the outward and return journeys. This fee is mandatory.
ප්‍රවාහන ගාස්තු කිලෝමීටරයක් සදහා රු. 100.00 කි. යෑම සහ ඒම සදහා වෙන වෙනම අය කෙරේ. මෙය අනිවාර්යෙන් ගෙවිය යුතු වේ.
Other Charges
අනෙකුත් ගාස්තු
A waiting fee is charged for the time the professional stays at your location. Any additional services (injections, dressings, saline, sample collection, etc.) are charged separately on top of the visit, transport, and waiting fees.
රැදී සිටි කාලය සදහා රැදී සිටීමේ ගාස්තුවක් අය කෙරේ. සියළු අතිරේක සේවාවන් (එන්නත්, තුවාල වලට බෙහෙත් දැමීම, සේලයින්, රුධිර පරීක්ෂණ වැනි) සදහා නිවසට පැමිණීමේ ගාස්තුව සහ ප්‍රවාහන ගාස්තුව සහ රැදී සිටීමේ ගාස්තුව ඉක්මවා වෙනම අය කෙරේ.
When There Is More Than One Patient at the Same Location
එක් ස්ථානයක එක් රෝගියෙකුට වඩා සිටින විට
The home visit fee is charged separately for each patient. The transport fee and waiting fee are charged only once. Treatment charges are billed separately per patient.
නිවසට පැමිණීමේ ගාස්තුව එක් එක් රෝගියාට වෙන වෙනම අය කෙරේ. ප්‍රවාහන ගාස්තුව සහ රැදී සිටීමේ ගාස්තුව එක් වරක් පමණක් අය කෙරේ. ප්‍රතිකාර සදහා ගාස්තු වෙන වෙනම අය කෙරේ.
Availability & Response Time
සේවය ලබා දීමේ හැකියාව සහ ප්‍රතිචාර කාලය
Acceptance of visit requests depends on the availability of the requested team. Response time may vary. We will confirm before dispatch.
සියළු සේවා ලබා දීම අදාළ සේවය ලබා දීමේ හැකියාවට යටත් වේ. ප්‍රතිචාර කාලය වෙනස් විය හැකිය. යැවීමට පෙර තහවුරු කරනු ලැබේ.
Not for Life-Threatening Emergencies
ජීවිතයට තර්ජනාත්මක හදිසි අවස්ථා සඳහා නොවේ
For emergencies (chest pain, loss of consciousness, severe difficulty breathing), call 1990 or proceed immediately to your nearest hospital.
හදිසි අවස්ථාවල (පපුවේ වේදනාව, සිහිය නැතිවීම, දරුණු හුස්ම ගැනීමේ අපහසුතාව), 1990 අමතන්න හෝ ළඟම ඇති රෝහලට ඉක්මනින් යන්න.
Please note: If any service, however minor, is provided to a patient, the full home visit fee will be charged separately for that patient. The home visit fee applies to every patient who receives any service, regardless of the nature or extent of the service provided. We do not transport patients.
කරුණාවෙන් සළකන්න: යමෙකුට කුමන හෝ සුළු සේවාවක් හෝ ලබා දීමට සිදු වුවහොත් එම රෝගියා සදහා නිවසට පැමිණීමේ ගාස්තුව වෙනම සම්පූර්ණයෙන් අය කරනු ලැබේ. ලබා දෙන සේවාවේ ස්වභාවය හෝ ප්‍රමාණය නොසලකා කුමන හෝ සේවයක් ලබා දෙන සෑම රෝගියෙකුටම නිවසට පැමිණීමේ ගාස්තුව අදාළ වේ. එසේම අප රෝගීන් ප්‍රවාහන කරනු නොලැබේ.
Book Now දැන්ම නිවාසට පැමිණීමක් වෙන් කරා ගන්න
Need a Doctor or Nurse Home Visit?
වෛද්‍යවරයෙකු හෝ හෙදියක් නිවසට පැමිණීමට අවශ්‍යද?
We're here for you — one call away. Doctor and nurse home visits available now.
අපි ඔබ වෙනුවෙන් — එක් ඇමතුමකින්. වෛද්‍ය සහ හෙද නිවෙස් ප්‍රතිකාර සේවා දැන් ලබා ගත හැකිය.